English தமிழ்
දැන්ම විමසන්න

පුළුල් නිමැවුම් ඉදිරිපත් කිරීම තුළින් විශේෂයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු ශ්‍රී ලාංකික ව්‍යාපාර ප්‍රජාව ඉමහත් වර්ධනයක් කරා යොමුකිරිම සඳහා සහාය වීම කෙරෙහි අපි අවධානය යොමු කරමු. මෙම ක්ෂේත්‍රයේ දිගුකාලීන මෙන්ම කෙටි කාලීන අවශ්‍යතාවන්ද අපි සපුරාලමු.

SME සේවා


ලීසිං වෙළෙඳපොලේ කීර්තිමත් ආයතනයක් ලෙස, ව්‍යාපාර හෝ පෞද්ගලික අපේක්ෂාවන්ට සරිලන නිමැවුම් පෙළක් අපි ඉදිරිපත් කරමු. ඔබේ සිහින සැබෑ කර ගැනීමට අවස්ථාව සලසමින් පුළුල් පරාසයකින් ඉදිරිපත් කෙරෙන අපගේ නිමැවුම් වල වාසිය ලබමින් ඔබේ ඉලක්කයන් කරා ලඟා වන්න.

සෑම ගණුදෙනුකරුවෙකුගේම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කරන ලද, පුළුල් පරාසයක වාහන මූල්‍ය පහසුකම් අප සතුවේ. වාහන මූල්‍ය සැපයීමේ අපගේ විශේෂඥතාව තුලින් අප ගණුදෙනුකරුවන්ට වඩාත් නම්‍යශීලි සහ ආකර්ෂණීය කොන්දේසිවල වාසිය භුක්ති විඳිය හැකිය. වසර 5 ක් දක්වා ගෙවීමේ පහසුකම් සහ ආකර්ෂණීය කොන්දේසි යටතේ වාහනයේ වටිනාකමින් උපරිම මූල්‍ය පහසුකම් ප්‍රතිශතයක් ලබාදීමද ඊට ඇතුලත්ය. එක් වහලක් යටදී අප වාහන ලියාපදිංචිය, තක්සේරු කිරීම සහ රක්ෂණය ඇතුළු අනෙකුත් සියළුම සේවාවන් සපයනු ලබයි.

  • මූල්‍ය කල්බදු - අපගේ ලීසිං විසඳුම් හුදෙක් සාමාන්‍ය ලීසිංකරණයෙන් ඔබ්බට ගිය විසදුම් වේ. අප මූල්‍ය කල්බදු පරාසයට ව්‍යූහගත කල්බදු, ශේෂ්‍ය අගය සඳහා කල්බදු, රක්ෂණ සාධක කල්බදු සහ බදු පදනම්වූ කල්බදුද ඇතුළත් වේ.
  • කාලීන ණය - අපගේ කාලීන ණය යටතේ ලියාපදිංචි කල වාහන සඳහා සුවිශේෂී වාසි සහිත මූල්‍ය පහසුකම් හිමිවේ.

ඵලදාව ඉහල නංවමින් ව්‍යාපාරය වර්ධනය කරගන්නා අතරතුර මෙහෙයුම් ප්‍රාග්ධනය කළමනාකරණය කිරීම ආයතනයක මූලික කර්තව්‍යයකි. ආයතනික ණය යටතේ, සෑම ව්‍යාපාරයකම සුවිශේෂී අවශ්‍යතා හඳුනාගෙන අප විශේෂයෙන් සැකසු ණය විසඳුම් ඔබට පිරිනමනු ලැබේ. කෙටි කාලීන මැදි කාලීන හෝ දිගුකාලීන ණය අවශ්‍යතාවක් වුවද, ඔබට ලාභ රැස්කරගතහැකි අනුපාතයකට ණය පහසුකම් සැපයීමට අප සුදානම්ය.

කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සඳහා කඩිනම් විසඳුමකි. ස්පීඩ් ඩ්‍රාෆ්ට් මඟින් විවිධ ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලීම සඳහා ගණුදෙනුකරුවන්ට අවශ්‍ය අවස්ථාවන්හිදී කෙටි කාලීන මූල්‍ය පහසුකම් ලබා ගත හැකිවේ. එය උපරිම ශක්‍යතාවක් සහිතව අඩු වියදමකින් සැලසුම් කර ඇති අතර, පොලිය හුදෙක් එහි භාවිතය මත පමණක් තීරණය වනු ඇත. මෙමඟින් ගණුදෙනුකරුට සිය ව්‍යාපාර වර්ධනයට සහාය වීම සඳහා භාවිතයේ සහ නැවත ගෙවීමේ නම්‍යශීලීතාවක් සලසයි.

ඔබේ මෙහෙයුම් ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා මාස 3 සිට 12 දක්වා කාලයක් දක්වා නම්‍යශීලි ආපසු ගෙවීමේ කොන්දේසි යටතේ කෙටි කාලීන ණය පහසුකම් සැලසුම් කර තිබේ. මෙම සේවාව වාරික හෝ කලාවර්තක මූල්‍ය අවශ්‍යතා සඳහා යෝග්‍ය වේ.

අවම කාලයක් තුල කරදරයකින් තොරව LOLC වෙතින් උකස් ණයක් ලබා ගන්න. ගණුදෙනුකරුවන්ට සේවා සැපයීම සඳහා දිවයින පුරා විසුරුණු නීතිඥයින් සහ තක්සේරුකරුවන්ගේ මණ්ඩලයක් අප සතුවේ. ඔබේ දේපළ පිළිබඳ විස්තර ලබාදී අපගේ වේගවත්, පහසු විවිධ උකස් සේවා වල ප්‍රතිඵල අත්විදින්න.

ප්‍රාග්ධන ණය ශ්‍රී ලංකාවේ ලීසිං පුරෝගාමියා ලෙස ඔබේ සියළුම වාහන මූල්‍ය අවශ්‍යතාවන් සඳහා විසඳුම් LOLC ෆිනෑන්ස් සතුවේ. අපගේ ලීසිං විසඳුම් සම්මත ක්‍රමවලින් ඔබ්බට ගොස් ඕනෑම මුදල් ප්‍රවාහයකට සරිලන පරිදි විශේෂයෙන් සැකසු ලීසිං පැකේජයන් පිරිනමයි. අපගේ ලීසිං විසඳුම් පරාසයට ව්‍යූහගත කල්බදු, ශේෂ්‍ය අගය සඳහා කල්බදු, රක්ෂණ සාධක කල්බදු සහ බදු පදනම්වූ කල්බදුද ඇතුළත් වේ.

විචල්‍ය පොළී අනුපාතයක් යටතේ ලබා දෙන මෙම විශේෂ ණය වසර 10ක උපරිම කාලසීමාවක් තුල ආපසු ගෙවීම සඳහා ඔබට පූර්ණ නම්‍යශීලීතාවක් හිමිවේ.

මයික්‍රො සේවා


අපගේ ලීසිං නිමැවුම් පෙළ වැඩිදියුණු කරන අතරම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සාර්ථකත්වය උදෙසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ක්ෂේත්‍රයට ණය සේවා සහ උකස් ණය වැනි පහසුකම් සලසමු. අවශ්‍යතාව කුමක් වුවත් ඔබේ මූල්‍ය පසුබිමට ගැලපෙන පරිදි සැකසු පැකේජයන් අපි පිරිනමමු.

LOLC ෆිනෑන්ස් පීඑල්සී ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ඒකකය, ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සම්මේලනය මගින් අනුගමනය කරනු ලබන ආචාර ධර්ම පද්ධතිය යටතේ මෙහෙයවනු ලබයි. ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සම්මේලනය ස්ථාපිත කර ඇති ආචාර ධර්ම පද්ධතිය මඟින් ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින් මෙන්ම සේවකයන්ගේ ඉහළ වෘත්තීය මට්ටම සදාචාරාත්මක ක්‍රියා දාමයන් සහ යහපාලනය නිරීක්ෂණය කෙරේ. එහි සාමාජිකත්වයේ කොන්දේසියක් ලෙස, ඊට මුළුමනින්ම අනුකූල තත්වයක් පවත්වාගෙන යාමට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා ඒවායේ සේවකයින්ට බැඳී සිටී.