English தமிழ்
දැන්ම විමසන්න

LOLC ෆිනෑන්ස් හි වාහන පෙළ කළමනාකරණ ව්‍යාපාර ඒකකය මඟින් පුද්ගලික ගණුදෙනුකරුවන්ගේ සිට ආයතනික ගණුදෙනුකරුවන් දක්වා පුළුල් වෙළඳපොළ කොටසකට සේවා සපයයි. එහිදී ගණුදෙනුකරුවන්ට තමන්ගේම මෝටර් රථ පෙළක් කළමනාකරණයෙන් තොරව තම ප්‍රවාහන අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා LOLC ෆිනෑන්ස් කරදරයකින් තොර පිරිමැසුම්දායක විසඳුම් ලබාදෙනු ඇත. ඒකකය මඟින් පිරිනමන සේවාවන්ට කෙටිකාලීන ගමන් වල සිට දිගුකාලීන විසඳුම් දක්වා සේවා සම්මිශ්‍රණයක් ඇතුළත් වේ. එහිදී සමාගම සතු මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ පහසුකම යටතේ වාහන නඩත්තු කිරීම සිදුවේ. අසමසම වාහන පෙළ කළමණාකරණ සේවාවක් සැපයීමට අමතරව, සියළු වෙළෙඳපොළ අංශ වෙත සේවා සපයන කුලී වාහන සේවාවක්ද (Rent-A-Car) සේවාවක්ද ශක්තිමත්ව ක්‍රියාත්මක වේ.