English தமிழ்
දැන්ම විමසන්න

මෙහෙයුම් ප්‍රාග්ධනය


ඔබේ මෙහෙයුම් ප්‍රාග්ධනය කළමනාකරණයේ සිට එය ආරක්ෂා කර ගනිමින් ව්‍යාපාරය වර්ධනය කර ගැනීමටත්, ඵලදාව ඉහල නැංවීමටත්, ඔබත් ඔබේ ව්‍යාපාරයත් වෙනුවෙන් අපට කළ හැකි දෑ තෝරාගන්න.

ගණුදෙනුකරුවන්ගේ වර්ධනයට සහය වීමේදී LOLC ෆිනෑන්ස් විශේෂඥතාවක් දක්වයි. ක්ෂේත්‍රය කුමක් වුවත් ඔබේ ව්‍යාපාරය වර්ධනයේ කවර අවධියක පසුවූවත්, ඔබේ මූල්‍ය තත්වය වැඩිදියුණු කරලමින් ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට අවශ්‍ය කර්මාන්තයේ දැනුම සහ මූල්‍ය විශේෂඥතාව අප සතු වේ. එක්රැස් කිරීම් සහ ගෙවීම්, බඩු ලේඛන සහ ණය කාර්යක්ෂමව කළමනාකරණය කරගනිමින් ඔබේ මුදල් ප්‍රවාහය පාලනය කරන්න.

LOLC ෆිනෑන්ස් වෙතින් ඔබේ මෙහෙයුම් ප්‍රාග්ධන මූල්‍ය ඔබේ ව්‍යාපාරයේ සුවිශේෂී අවශ්‍යතාවන් සහ ව්‍යාපාරය චක්‍රය සලකාබලා ඊටම ගැලපෙන පරිදි සකස් කරනු ලැබේ. අපගේ පූර්ණ ගණුදෙනු සේවා පෙළ ඔබේ මුදල් ප්‍රවාහය වඩාත් පහසු ලෙස කළමනාකරණය කිරීම සඳහා සහාය වනු ඇත.

ඔබේ මුදල් ප්‍රවාහය පාලනය සඳහා අපට සහාය විය හැක්කේ කෙසේද?

  • කෙටි කාලීන ණය සහ ‘ස්පීඩ් ඩ්රාෆ්ට්’
  • කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සඳහා අපගේ කඩිනම් විසඳුම් වලින් ඵල ලබන්න. ඒ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වර්ධනය සහ සශ්‍රීකත්වය අපේ ප්‍රජාවන්ගේ යහපත උදෙසා හේතුවන බව අප විශ්වාස කරන බැවිනි. අපගේ කඩිනම් සේවාවන් සහ ණය විසඳුම් තුලින් වර්ධනය සඳහා ඔබට හිමිවන අවස්ථා කිසිවක් ගිලිහී නොයනු ඇත.


  • ආන්තික වෙළඳාම
  • අපගේ ආන්තික අනුපාතයන් කර්මාන්තයේ වඩාත් තරගකාරී ඒවාවේ. ඔබ ගෙවිය යුතු අනුපාතය ඔබේ ආන්තික ශේෂය මත රඳා පවතී. ආන්තිකයන් මත වෙළඳාම තුලින් ඔබට අමතර සුරැකුම්පත් මිලදී ගැනීම, සුරැකුම්පත් කෙටිකාලීනව විකිණීම, ඔබේ ගිණුම බැංකු අයිරාවන්ගෙන් ආරක්ෂා කිරීම හෝ පහසු ණය මාර්ගයක් කරා පිවිසීමට ඔබට ඉඩ සලසයි.

ආන්තික
වෙළඳාම


ඔබ ගෙවිය යුතු අනුපාතය ඔබේ ආන්තික ශේෂය මත රඳා පවතින LOLC ෆිනෑන්ස් ආන්තික අනුපාත කර්මාන්තයේ වඩාත්ම තරගකාරී අනුපාතයන් වේ. ආන්තිකයන් මත වෙළඳාම තුලින් ඔබට අමතර සුරැකුම්පත් මිලදී ගැනීම, සුරැකුම්පත් කෙටිකාලීනව විකිණීම, ඔබේ ගිණුම බැංකු අයිරාවන්ගෙන් ආරක්ෂා කිරීම හෝ පහසු ණය මාර්ගයක් කරා පිවිසීමට ඉඩ සලසයි.

  • පහසුව
  • ඕනෑම අවශ්‍යතාවක් සඳහා ඕනෑම වේලාවකදී ණය ලබා ගැනීම. ආන්තික ණය ලබා ගැනීම සඳහා අනුමැතිය ලැබුන පසු, අතිරේක ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීම, අයදුම්පත් ගාස්තු ගෙවීම හෝ ණය උපදේශ ලබා ගැනීම අවශ්‍ය නොවේ.

  • ආපසු ගෙවීමේ නම්‍යශීලිතාව
  • ඔබේ ගිණුමේ අවශ්‍ය මට්ටමේ කොටස් හිමිකම් පවත්වාගෙන යන තුරු ආපසු ගෙවීමේ කාල සටහනක් සකස් නොකෙරේ. හිඟ මුදල් මත පොළී ගාස්තු මාසිකව ඔබගේ ගිණුමට යොමුකෙරේ. ඕනෑම මුදල් හෝ ලාභාංශ ආදායමක් ස්වයංක්‍රීයව ඔබේ ආන්තික ශේෂයට එක්වනු ඇත.

  • වත්කම් උත්තෝලනය කිරීමේ හැකියාව
  • ආන්තික ණය මඟින් ඔබ දැනටමත් හිමිකරගෙන සිටින සුරැකුම්පත් උත්තෝලනය කර අතිරේක සුරැකුම්පත් මිලදී ගැනීමට ඉඩ සලසයි. මෙමඟින් ඔබට ප්‍රතිලාභ වර්ධනය කරගැනීමට අවස්ථාව සලසන අතර එහි අවදානමක් ද පවතී.

  • ඔබේ අවශ්‍යතාවන් හඳුනා ගන්න
  • ආන්තික ගිණුමේ ඔබේ සුරැකුම්පත් වල වෙළඳපල වටිනාකම අඩු වන්නේනම්, ඔබේ ණයවර මාලාව පවත්වාගෙනයාම සඳහා ඔබ තවත් මුදල් හෝ සුරැකුම් තැන්පත් කල යුතුවේ. ඔබ ඒ සඳහා අසමත් වුවහොත් ඔබ පොරොන්දු වූ වත්කම් සියල්ල හෝ කොටසක් හෝ විකිනීමට LOFC කටයුතු කරනු ඇත.