English தமிழ்
දැන්ම විමසන්න

පල්ස් ක්‍රෙඩිට් කාඩ්පත


හංසයා සෞභාග්‍යය වාසනාව සහ ධනය සංකේතවත් කරයි. එය සමෘධිමත් ජීවිතයේ සාම්ප්‍රදායික සලකුණද වේ. ඔබේ ක්‍රෙඩිට් කාඩ් හවුල්කරු ලෙස අපි ඔබට සමෘධිමත් දිවියක් භුක්ති විඳීම සහතික කිරීම සඳහා කැපවී සිටිමු. LOLC ෆිනෑන්ස් පල්ස් ක්‍රෙඩිට් කාඩ්පත සමඟ සම්බන්ධවූ ඔබ සාදරයෙන් පිළිගනිමු. එමඟින් ප්‍රතිලාභ සහ වරප්‍රසාද රැසක් අත්විදීමට හැකි වන අතර එය ඔබ තුළ ඇති යහගුණ පුබුදුවාලනු ඇත.

සුදුසුකම: - මාසික ශුද්ධ ආදායම රුපියල් 35,000 / - සිට 75,000 දක්වා

අවශ්‍ය ලියකියවිලි


පොදු ලියකියවිලි
  • නිසි ලෙස සම්පූර්ණ කරන ලද සම්මත ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් පත්‍රය.
  • ජාතික හැඳුනුම්පතේ / රියදුරු බලපත්‍රයේ / විදේශ ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපත (කල් ඉකුත්වූ අනන්‍යතා ලේඛන පිළිගනු නොලැබේ)
  • ස්ථිර ලිපිනය ජාතික හැදුනුම්පත් ලිපිනයෙන් වෙනස් වේ නම්, කාඩ්පත අයදුම්කරුගේ නම යටතේ පසුගිය මාස තුන ඇතුළත නිකුත් කරන ලද උපයෝගීතා බිල්පතක පිටපතක්.
  • අයදුම්කරු අතිරේක ආදායමක් ප්‍රකාශ කර ඇත්නම්, එම ආදායම තහවුරු කිරීමේ ලිපි
  • නවතම ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශනයක් (විකල්පයකි)
  • රැකියා තත්වය තහවුරු කිරීම සඳහා සේවා කාලය, වැටුප් විස්තරය, සේවක අර්ථසාධක අරමුදල් විස්තර සහ තනතුර ඇතුලත් ලිපියක්
  • සේව්‍යයා විසින් සහතික කල කල නවතම වැටුප් ලේඛනයක්
  • ව්‍යාපාර ලියාපදිංචිය
  • සීමිත වගකීම් සහිත සමාගමක් නම්, ආකෘති 1, 2A සහ ආකෘති 20 (අදාළ නම්).
  • පසුගිය වසර 2 සඳහා වාර්ෂික ආදායම තහවුරු කරමින් විගණකගේ ලිපියක්
  • විගණනය කළ හෝ කළමණාකරන ගිණුම්
  • පසුගිය මාස 3 සඳහා වර්තමාන හෝ ඉතිරිකිරීමේ බැංකු ගිණුම් ප්‍රකාශන
  • පසුගිය වසර 2 සඳහා බදු ප්‍රතිලාභ (විකල්පයකි)
  • පසුගිය වසරක කාලය තුල අයදුම්කරු වෘත්තියෙහි නිරත වූ බවට ප්‍රමාණවත් සාක්ෂි
  • අදාළ වෘත්තීය ආයතනයෙන් නිකුත් කරන ලද භාවිත / වෘත්තීය බලපත්‍රයෙහි පිටපතක් හෝ සාමාජික හැඳුනුම්පත
  • නවතම ආදායම් බදු ප්‍රතිලාභ (විකල්පයකි )

ඔබේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් පියවීම


මුදල් මගින් ගෙවීම

  • ඕනෑම LOLC ෆිනෑන්ස් ශාඛාවකදී මුදල් ගෙවීම් සිදු කළ හැක.
  • කරුණාකර මුදල් තැපැල් මගින් යැවීමෙන් වලකින්න.
  • සෙනසුරාදා දිනවල සිදුකරන ගෙවීම් ඊළඟ වැඩ කරන දිනයේදී සකසනු ලැබේ.
  • චෙක්පත් (ආදායක ගිණුමට පමණක්) ලෙස රේඛනය කොට කාඩ්පත් අංකය ඇතුළත්ව ලබාදිය යුතුය. උදා LOLC ෆිනෑන්ස් පීඑල්සී, වෙත ගෙවන්න. කාඩ්පත් අංකය xxxx xxxx xxxx xxxx
  • ඉහත උදාහරණය අනුව සකස් කල විට හැර තෙවන පාර්ශවයක් විසින් ඔබ වෙත නිකුත් කරන ලද චෙක්පත් භාරගනු නොලැබේ.
  • චෙක්පත් උපලබ්ධි වීමට යටත්ව අරමුදල් ඔබේ කාඩ්පත් ගිණුමට බැරකෙරේ. චෙක්පත් නිශ්කාෂණ සහ උපලබ්ධි වීම සඳහා වැඩකරන දින 3 – 6 දක්වා කාලයක් ගතවන බව කරුණාවෙන් සලකන්න.
  • මුදල් යනුවෙන් ලියනලද චෙක්පත් හෝ පසුදින යෙදු චෙක්පත් ගෙවීම් සඳහා භාරගනු නොලැබේ.
  • තැපැල් මගින් ගෙවීම් සිදු කරන ලද චෙක්පත් ගිණුමට බැර කිරීම සඳහා අවම වශයෙන් දින නවයක් පමණ ගතවන බව කරුණාවෙන් සලකන්න.
  • තැපැල් මගින් එවනු ලබන සියළුම චෙක්පත් "කළමනාකරු - ක්‍රෙඩිට් කාඩ් මෙහෙයුම්, අංක 438, හැව්ලොක් පාර, කොළඹ 05" ලිපිනය වෙත යොමු කළ යුතුය.

කාඩ්පත් හිමියන්ට ක්‍රෙඩිට් කාඩ් බිල්පත් පියවීම සඳහා සිය LOLC ෆිනෑන්ස් ඉතුරුම් ගිණුමෙන් හර කිරීමේ ස්ථාවර නියෝග පහසුකම ලබා ගත හැක. ඒ අනුව නියමිත දිනට ශේෂ ප්‍රකාශනයෙන් 5% - 100% අතර ප්‍රතිශතයක් හර කිරීම සඳහා තෝරා ගත හැකිවේ.

ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම සඳහා ඔබේ LOLC ෆිනෑන්ස් ඉතුරුම් ගිණුමෙන් LOLC රියල් ටයිම් භාවිත කිරීමෙන් ගාස්තුවකින් තොරව අරමුදල් බැරකළ හැක.

කාඩ්පත් හිමියන්ට CEFTS හරහා වෙනත් බැංකු වල ඉතුරුම් / ජංගම ගිණුම් වලින් ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට අරමුදල් බැරකළ හැකිය.

ලිපිනය අංක 438, හැව්ලොක් පාර, කොළඹ 05

දුරකථන - +94 11 5718888 (සාමාන්‍ය)