English தமிழ்
දැන්ම විමසන්න

ඉජාරා


අපගේ සියළුම මූල්‍ය සේවාවන් සාම්ප්‍රදායික ණය නිකුතු වල ක්‍රියාකාරිත්වය සහිතව විකල්ප මූලධර්ම සහ අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි සැලසුම් කර තිබේ. ඉජාරා ලෙස හැඳින්වෙන විකල්ප ලීසිං ක්‍රමය සාම්ප්‍රදායික ලීසිං සංකල්පයට විකල්පයකි. ගිවිසුමක් වන ඒ යටතේ එකඟ වූ කුලියක් මත ඇතැම් වත්කම් භාවිතය සඳහා ඔබ වෙත බදු කුලියට දෙනු ලැබේ. ඔබේ තෝරා ගැනීම අනුව වත්කම මිලදී ගැනීම සඳහා ප්‍රාග්ධන වියදම් අල්ෆලාහ් විසින් දරනු ලබන අතර ඔබ එය භාවිත කරන සම්පූර්ණ කල්බදු කාලය සඳහා එය පරිපූර්න ලෙස රක්ෂණය කරනු ඇත.

වත්කම්වල හිමිකම අල්-ෆලාහ් සමඟ පවතුනද එම වත්කම් ඔබ සන්තකයේ තබා ගනිමින් අපගේ ලීසිං ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි වේ. එකඟ වූ කල්බදු කාල සීමාව අවසානයේ අල්-ෆලාහ් වෙත ඔබගේ වගකීම් සම්පූර්ණ කල පසු අදාළ වත්කම ඔබ වෙත තිළිණ කරන අතර එහි සම්පුර්ණ හිමිකාරත්වය ඔබට හිමිවේ.

  • තරගකාරී වාරික
  • වත්කමෙහි වටිනාකමෙන් 70% දක්වා මූල්‍ය පහසුකම්
  • මෙම සේවාව ලියාපදිංචි නොකළ සහ අළුත් වාහන සඳහා මෙන්ම, යන්ත්‍රාගාර, උපකරණ සහ යන්ත්‍රෝපකරණ සඳහා වඩාත් යෝග්‍ය වේ.