English தமிழ்
දැන්ම විමසන්න

මුරබහා


මුරබහා යනු ගනුදෙනුකරු සහ අල් ෆලාහ් අතර ඇතිවන අළෙවි ගිවිසුමකි. එහිදී ගණුදෙනුකරුගේ ඉල්ලීම මත අල් ෆලාහ් විසින් මුලින් භාණ්ඩ මිලදී ගන්නා අතර පසුව එම භාණ්ඩ එම ගණුදෙනුකරු වෙතම ලාභයක් එක් කර අලෙවි කරයි.

ඔබ භාණ්ඩයක් හෝ වත්කමක් මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, ඔබේ අවශ්‍යතාවයන් සපුරාලන පරිදි සාර්ථකත්වය ළඟා කර ගැනීමට සහය වෙමින් මෙම සේවාව ඒ සඳහා වඩාත් හොඳම විසඳුම වෙත ඔබ යොමු කරනු ඇත. මෙය ව්‍යවසායකයන්ට කදිම මූල්‍ය සේවාවක් වන අතර ඔබේ ව්‍යාපාර වර්ධනය කරලීම සඳහා සහය වන අයුරින් නිර්මාණය කර ඇත. ඒ ව්‍යවසායකත්වය දිරිගැන්වීම, සශ්‍රීකත්වයේ දිරිය බලවේගය ලෙස අප විශ්වාස කරන බැවිනි.

වත්කම් මත පදනම් වූ මූල්‍ය මෙවලමක් වන මෙය ඔබගේ පෞද්ගලික ඉලක්කයන් කරා ලඟා වීමටද සහය වේ.    නිවසක් හෝ වාහනයක් සුරක්ෂිත කර ගැනීම ඔබට සහ ඔබගේ පවුලට කෙතරම් වැදගත්ද යන්න අපි දනිමු. ඔබේ සහකරු ලෙස ඔබ වෙනුවෙන් වත්කම් මිලදීගැනීමට අප කටයුතු කරන අතර, ස්ථිර මාසික වාරිකයක් ගෙවීමෙන් ඔබට එහි ප්‍රතිලාභ භුක්ති විඳිමට හැකි වනු ඇත.

    • ලාභ අන්ත තරඟකාරී වෙළඳපොල මිල මත පදනම්ව වත්කම් මිලදී ගෙන ඇත.
    • වාරික වලින් හෝ ඔබේ මුදල් සංසරණයට ගැලපෙන සැලස්මක් යටතේ ගෙවීම් සිදු කල හැක.
    • මෙම සේවාව වෙළඳ මූල්‍ය සහ දේපොළ, ලියාපදිංචි කල වාහන, යන්ත්‍රාගාර, යන්ත්‍රෝපකරණ, උපකරණ සහ භාණ්ඩ අත්පත්කර ගැනීම සඳහා පමණක් අදාළ වේ.