English தமிழ்
දැන්ම විමසන්න

සුපිරි ඉතුරුම් ගිණුම්


ඉතිරි කිරීමේ පුරුද්ද දිරිගැන්වීම සඳහා ඉතුරුම් ගිණුමේ ශේෂය ඉහළ යන විට ඉහල පොලී අනුපාතයක්  ගෙවන ආකාරයෙන් සුපිරි ඉතුරුම් ගිණුම සැලසුම් කර ඇත. ඉහල අපේක්ෂාවන් සහිත ගණුදෙනුකරුවන්ට යෝග්‍ය මෙම ගිණුම මඟින් ඔබේ ඉතුරුම් වලට ඉහල ප්‍රතිලාභ සහ තවත් වරප්‍රසාද රැසක් හිමිවේ. LOLC ෆිනෑන්ස් සමඟ අද ගිණුමක් ආරම්භ කරන ඔබට ඊට ආවේනික වූ විශ්වාසය, ස්ථාවරත්වය සහ නම්‍යශීලිභාවය අත්විදිය හැකිවේ. පුරවැසියන් හෝ පුරවැසියන් නොවන, ශ්‍රී ලංකාවේ පදිංචි හෝ මෙරට සමාගම් ලියාපදිංචි කල ඔබට රුපියල් දෙදහසක (2,000/- ) මූලික තැන්පතුවකින් සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් ආරම්භ කල හැකි අතර එය අවම ශේෂයක් ලෙස අඛණ්ඩව පවත්වා ගත යුතුය.

  • ස්ථාවර නියෝග පහසුකම සහිතව නොමිලයේ අසීමිතව මුදල් ආපසු ගැනීම සහ තැන්පත් කිරීම
  • දේශීය හා ගෝලීය වශයෙන් ඕනෑම Visa ATM ජාලයක් ඔස්සේ භාවිත කල හැකි ස්වයංක්‍රීය   ටේලර් යන්ත්‍ර (ATM) සහ ඩෙබිට් කාඩ්පත් නොමිලයේ ලබාදීම.
  • වෙනත් මූල්‍ය ආයතනවලට මුදල් හුවමාරු කිරීමේ පහසුකම්
  • පොලිය දිනපතා ගණනය කිරීම සහ මාසිකව බැර කිරීම