English தமிழ்
දැන්ම විමසන්න

අනේවාසික විදේශ මුදල් ගිණුම්


PFCA හෙවත් අනේවාසික විදේශ මුදල් ගිණුම්, විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් වෙහෙස මහන්සිවී උපයන මුදල් ඉතිරි කරන අතර, විදේශ මුදලින් පොලියක් ඉපයීමට, අගනා ගිණුමකි. ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම්, ඔස්ට්‍රේලියානු ඩොලර් සහ යුරෝ ආදී ඕනෑම විනිමය වර්ගයකින් ගිණුමක් ආරම්භ කල හැක.  SWIFT ජාලයට සම්බන්ධ වූ ශ්‍රී ලංකාවේ එකම බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස ඔබගේ ප්‍රේෂණ අපගේ පාර්ශ්වකරු වන ලංකා මුදල් හුවමාරුව (Lanka Money Transfer) හරහා මෙරට සිටින ඔබගේ ආදරණීයයන් වෙත ලැබීම සහතික කරමු.

අනේවාසික විදේශ මුදල් ගිණුම්, විදේශයන්හී පදිංචිව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට හෝ ද්විත්ව පුරවැසියන්ට හෝ විදේශ රැකියාවක නිරතවී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දින 90 ක් ඇතුලත විවෘත කල හැකිවේ. PFCA හෙවත් අනේවාසික විදේශ මුදල් ගිණුම් සඳහා සුදුසුකම් ලබන අයට එම ගිණුම් ඒකාබද්ධව පවත්වාගෙන යාමටද හැකියාවක් පවතී.

  • ඔබේ ගිණුම පවත්වාගෙන යා යුතු මුදල් වර්ග තෝරා ගැනීමට හැකිවීම
  • ඉහල පොලී අනුපාතයක් සඳහා ඉතුරුම් ගිණුමක් හෝ සුපිරි ඉතුරුම් ගිණුමක් තෝරාගැනීමේ හැකියාව
  • එක්සත් ජනපද ඩොලර් 100 ක හෝ ඊට සමාන අගයකින් යුත් වෙනත් ඕනෑම විදේශ ව්‍යවහාර මුදලක අවම තැන්පතුවක්
  • එක් අයෙකු සඳහා ඩොලර් හෝ ඊට සමාන වෙනත් මුදල් වර්ගයකින් අවම ශේෂයක් පවත්වා ගැනීමෙන් හවුල් ගිණුමක් ආරම්භ කිරීමටද හැකිවේ.
  • ඔබේ පවුල සහ දරුවන් උදෙසා අමතර ප්‍රතිලාභ රැසක්
  • ගිණුම් හිමියාගේ නමට ලැබුණු විදේශ ව්‍යවහාර මුදල් ප්‍රේෂණ අනුමත බැර කිරීම් වන අතර, ගිණුම් හිමියා විසින් රට තුලට රැගෙන ආ විදේශ මුදල් නෝට්ටු හෝ වෙනත් PFCA  ගිණුමකින් අරමුදල් හුවමාරු කිරීම සහ ගිණුමේ ඇති අරමුදල් සඳහා විදේශ මුදල් මඟින් පොලී ගෙවීම.
  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද ඕනෑම විදේශ ව්‍යවහාර මුදලකින් අරමුදල් පවත්වා ගැනීම සහ ඔබට අවශ්‍ය විටක ඒවා රුපියල් බවට පත් කිරීම
  • දෛනික ශේෂය මත පොළිය ගණනය කර මාසිකව ගෙවීම
  • දේශීයව සහ ගෝලීය වශයෙන් ඕනෑම VISA ටෙලර් යන්ත්‍ර ජාලයක භාවිතා කළ හැකි නොමිලයේ ලබාදෙන ලබාදෙන වීසා ඩෙබිට් කාඩ්පත.
  • සේවා මධ්‍යස්ථාන 141 ක් හරහා පුළුල් ප්‍රවේශය
  • වත්මන් ජාත්‍යන්තර ගණුදෙනු සඳහා විදේශ ව්‍යවහාර මුදල් ප්‍රේෂණ නොමිලේ ගිණුමට හර කිරීම, වෙනත් PFCA  / RFC ගිණුමකට මුදල් හුවමාරු කිරීම සහ ශ්‍රී ලංකාව තුල ගෙවීම් ශ්‍රී ලංකා රුපියල් මඟින් සිදුකිරීම

PFCA අනේවාසික ස්ථාවර තැන්පතු


විදේශ මුදල් ව්‍යාපාර සඳහා අපගේ පරිපුර්ණ පිරිනැමුම් අතරට PFCA ස්ථාවර තැන්පතුද ඇතුලත් වන අතර එමඟින්  ආකර්ෂණීය පොලී අනුපාත වල වාසිය සමඟ LOLC ෆිනෑන්ස් හි මූල්‍ය ශක්තිය සහ විදේශ මුදල් ව්‍යාපාර වල ගෝලීය විශේෂඥතාවයේ සහතිකය ඔබට හිමිවේ. ඔබ වෙහෙස මහන්සිවී උපයන විදේශ මුදල් අපගේ ඕනෑම ශාඛාවක  තැන්පත් කර ඔබේ මුළු පවුලටම සුවිශාල ප්‍රතිලාභ රැසක් භුක්ති විඳිය හැකියි.

  • ඔබේ ගිණුම පවත්වාගෙන යා යුතු මුදල් වර්ග තෝරා ගැනීමට හැකිවීම
  • එක්සත් ජනපද ඩොලර් 100 ක හෝ ඊට සමාන අගයකින් යුත් වෙනත් ඕනෑම විදේශ ව්‍යවහාර මුදලක අවම තැන්පතුවක්
  • සේවා මධ්‍යස්ථාන 141 ක් හරහා පුළුල් ප්‍රවේශය
  • ඔබේ PFCA  ඉතුරුම් ගිණුමට හිමිවන පොලිය එම PFCA  ඉතුරුම් ගිණුමටම ප්‍රේෂණය කල හැකි අතර එමඟින් ඔබට විශේෂ ප්‍රතිලාභ රැසකට ප්‍රවේශය හිමිවනු ඇත
  • කල්පිරිමේදී පොලිය ලබාගත හැක. (වසරක්)