English தமிழ்
දැන්ම විමසන්න

ස්ථාවර තැන්පතු බැඳුම්කරය


 

LOLC ෆිනෑන්ස් ස්ථාවර තැන්පතු බැඳුම්කරය සුරක්ෂිත දිගුකාලීන ආයෝජන විකල්පයක් වන අතර, පහසු කරදරයකින් තොර ආයෝජනයක් ලෙස ඉහළ ප්‍රතිලාභ ලබා දෙයි. මෙම ආයෝජනය පුද්ගලික සහ ආයතනික ගණුදෙනුකරුවන්ට ස්ථාවර පොලී අනුපාත යටතේ වසර 3 – 5 ක කාලයක් සඳහා ලබා ගත හැක.

මෙම ආයෝජනයේ විශේෂත්වය වන්නේ එය අලෙවි කිරීමට හෝ තිළිණ කිරීමට හැකිවීමයි. මුල් ආයෝජන වටිනාකම නොවෙනස්ව පවත්වා ගනිමින් තැන්පතු දිනය හා කල් පිරෙන දිනය අතරතුර ඕනෑම අවස්ථාවක එය තුන්වන පාර්ශ්වයක් වෙත හුවමාරු කිරීමට, අලෙවි කිරීමට හෝ තිළිණ කිරීමට හැකිවේ.

  • ආදරණියයන්ට තිළිණ කිරීමට පවා හැකි, හුවමාරු හෝ අලෙවි කල හැකි ආයෝජනයකි.
  • තැන්පතුව සිදු කළ අවස්ථාවේ පැවති කොන්දේසිවලට බලපෑමකින් තොරව හිමිකම මාරු කළ හැක.
  • වෙනත් මූල්‍ය ආයතනවලට අරමුදල් මාරු කිරීම සඳහා පහසුකම්.
  • ස්ථාවර පොලී අනුපාත යටතේ අවුරුදු 3-5 ක කාලයක් සඳහා ලබා ගත හැක.